Thursday, November 13, 2014

පිස්සු ජීවිතයකට චාල්ස් බුකොව්ස්කි ගෙන් අදහස් දහයක්

පිස්සු ජීවිතයකට චාල්ස් බුකොව්ස්කි ගෙන් අදහස් දහයක් 

1. නවතින්න එපා

"මට මුළු ලෝකයම ඕනේ. නැත්නම් කිසි දෙයක් එපා"
ඔබ සිහින දැකපු, ඔබ හිතන විදිහට ඔබට ඇත්තටම අයිති දෙය ලැබෙන තුරු කිසිම තැනක නතර නොවන්න. හොඳම දේ දිනාගන්න කටයුතු කරන්න. ඔබව සම්පූර්ණයෙන්ම සතුටු කරන දෙයක් ඇරෙන්න වෙන කිසිම දෙයක් බාර නොගෙන ඉන්න. ඔබේ සිහින සහ ඉලක්ක අතඇරල ලැබෙන දෙයක් බාර අරන් නවතින එක කිස්ම තෙරුමක් නැති දෙයක්. එහෙම කළොත්, ඒක ගැන ඔබට කවදා හරි දුක් වෙන්න වෙයි.

2. ඔබට ආදරය කරන්න

"මට කවදාවත් "මේ වගෙ වෙන්න ඔනේ" කියල හිතෙන  මිනිහෙක් හම්බ වෙල නැහැ. ඒක බොරු අදහසක් වුනත් වාසනාවන්ත අදහසක්"
කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. ඒක ගැන කිසිම සැකයක් නැහැ. එත් ඒක ගැන හිතමින් ඔබට බැට දී ගැනීමෙන් ඵලක් නැහැ. මට මෙහෙම කරන්න තිබුණා, අරහෙම කරන්න තිබුණා සිතමින් තමන්වම විචාරය කර ගනිමින් ඉන්න එක නවත්තන්න. තමන්ටම ටිකක් ආදරය කරන්න. ඒකෙන් අදහස් කරන්නෙ නැහැ ඔබේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න එපා කියල. මොනව වුනත්, ඔබ ගමන යන අතරේ ඔබේ ලොකුම රසිකයා ඔබවම කර ගන්න.

3. ජීවිතය උපරිමයෙන් විඳින්න

“නරක දෙය මරණය නෙමෙයි, මැරෙන කල් මිනිස්සු ගතකරන හෝ ගත නොකරන ජීවිතයයි.”
"සමහර මිනිස්සු කවදාවත් පිස්සු නටන්නෙ නැහැ. ඇත්තෙන් වගෙ අයගෙ ජීවිත මොනතරම් නම් අප්රසන්නද?"
ඔබට අහස් කිමිදුම් කරන්න ඔනෙ එත් කවදාවත් කරල නැද්ද? වැඩිය හිතන්න එපා පිම්මක් ගන්න. ඔබට කලා ඉතිහාසය ගැන උපාධියක් කරන්න ඔනේ එත් ඊට පස්සෙ මොකද කරන්නෙ කියල දන්නෙ නැද්ද? කමක් නැහැ ගිහින් ඒක ලියාපදින්චිවෙන්න. ඔයාට හම්බවෙන්නේ එකම එක ජීවිතයයි. ඒකෙ උපරිමය කරා යන්න. ගොඩක් පරක්කු වෙනකන් ඉන්න එපා දැන්මම පටන් ගන්න.

4. රිදෙන එකට බයවෙන්න එපා. රිද්දගන්නෙ නැතුව සතුට අත්විඳින්න අමාරුයි.

"ඔබට හරියටම ජීවත් වෙන්නනම් ඊට කළින් කීප පාරක් මැරෙන්නම වෙනවා"
වේදනාව, දුක, තරහ, පරාජිත හැඟීම්, පීඩාකාරී බව, වගේ පහත් හැඟීම් ගොඩක් අසතුටු දායකයි. වගේම වේදනාකාරීයි. ඒත් ඔබට වේදනාබර හැඟීම් ඔස්සේ ඇවිද නොගිහින් සුබවාදී හැඟීම් අගය කරන්න අමාරුයි. නිසා ඔබ අඝාද පතුළටම වැටී ඇති බවක් ඔබට දැනෙනවනම්, එතනින් තවත් පහළට වැටෙන්න දෙයක් නැහැ. ඔබ මේ මොහොතේ විඳින වෙදනාව ඉදිරියේදි ඔබ විඳින්න නියමිත සතුට ත්වත් රසවත් කරන බව දැනගන්න.


5. ඔබ ඔබම වෙන්න. හැම විදිහෙන්ම ඔබ ඔබේකම එළියට දාන්න.

"කිසිම කලාවක් නැතුව ත්රාසජනක දෙයක් කරනවට වඩා, කලාවක් ඇතුව කම්මැළි දෙයක් කරන එක හොඳයි"
ඔබ ඔබ වෙන්න බය වෙන්න එපා. බුකොව්ස්කි කවදාවත් තමන්ගෙ විදිහට ඉන්න බය වුනේ නැහැ. ඔයාගෙ ඇත්ත පාට පේන්න අරින්න. ඔබේ නියම පවෘර්ශය එළියට දාන්න. අනිත් මිනිස්සු ඔබව දකින්න කැමති විදිහට ඔබ, ඔබ නොවන කෙනෙක් විදිහට ඉන්නවට වඩා, ඔබ ඔබගේම විදිහට ඉන්න එක හොඳයි. කොහොමත් අනිත් මිනිස්සු මොන විදිහට හිතුවත් අපිට මොකද?

6. ඔබ හිතනවට වඩා ඔබ ශක්තිමත්

"සමහර වෙලාවට ඔබ උදේ අවදිවුන ගමන් ඔබට හිතෙනව ඇති මට මේකනම් කරගන්න බැරිවෙයි කියලා. ඒත් ඔබ ඇතුළෙන් හිනා වෙනවා....මතකද? ඔබට හැමදාම එහෙම හිතිල තියෙනවා"
ඔබ දන්නවා ජීවිතය කියන්නෙ අත්හදාබැලීම් ගොඩක්. මහන්සියෙන් වැඩ කරන්න වෙනවා. ඒත් ඔබ හැමදාමත් අමාරුකම් හරහා ගිහින් දිනනවා. ඔබ ඔබ හිතනවට වඩා ශක්තිමත් බව මතක තියා ගන්න. දරුණු දවසක් වුනත් ගත කරන්න ශක්තිය ප්රමාණවත්.

7. මැරෙන්න බයවෙන්න එපා.

"මම මාර දූතිය මගෙ වම් සාක්කුවෙ දාගෙන තමයි යන්නේ. මම ඉඳල හිටල එයාව සාක්කුවෙන් එළියට අරන් මෙහෙම අහනවා "ආහ් කෙල්ලේ ඔයාට කොහොමද? කවදද ඉතින් මාව ගෙනියන්න එන්නේ? මම ලෑස්තිවෙලා ඉන්නේ"
"මරණය ගැන දුක්වෙවී ඉන්න දෙයක් නැහැ. මලක් පිපෙනව වගේ දෙයක් ඇරෙන්න එක ගැන හිතන්න දෙයක් තවත් නැහැ"
මරණය වළක්වන්න බැරි දෙයක්. ඉතින් ඒක ගැන දුක් වෙලා වැඩක් නැහැ. ඔබ අන්තිමේදි යන තැන ගැන හිත හිත ඉන්නවට වඩා, ඔබට ලැබිල තියෙන අවස්තාව ගැන හිතන්න. මරණය ගැන දුක්වෙවී ඉන්නවට වඩා ජීවිතේ විඳින එක වටිනවා. අඩුම ගානේ කවද හරි ඔබට ගැන සතුටු වෙන්න පුළුවන්.

8. ඔබ ඔබව විශ්වාස කරන්න.

"මේ ලොකෙ තියෙන ප්රශ්ණෙ තමයි, යමක් කමක් තේරෙන අය තමන්වම විශ්වාස නැහැ"
ඔබ හිතනවට වඩා ඔබ වර්ණවත්. ඔබට කරන්න ඇති එකම දේ ඔබේ ඇත්තම දක්ශකම හොයාගෙන ඒක ඔප මට්ටම් කරන එකයි. ඔබ ගැන විශ්වාසය තියාගන්න. ඔබ දවසක් පුදුම වෙයි ඔබට කරන්න පුළුවන් තරම දැන ගත්තම.

9. හුදකලාව වඩා දරුණු දේවල් තව ගොඩක් තියෙනවා.

"හුදකලාව වඩා නරක දේවල් තව ගොඩක් තියෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න සෑහෙන කාලයක් යනවා. ඒවගේම තේරුම් ගන්න පුළුවන් වෙනකොට ප්රමාද වැඩියි. ප්රමාදය තමයි වෙන්න තියෙන නරක දේ"
"මම අනිත් මිනිස්සුන්ව නුරුස්සන කෙනෙක් නෙමෙයි. මම ගැහැණුන්ව නුරුස්සන කෙනෙකුත් නෙමෙයි. ඒත් මම තනියම ඉන්න කැමතියි. තනියම වාඩිවෙලා දුමක් ඇදලා අඩියක් ගහන එක ඉතාම සිත් ගන්නාසුළු දෙයක්. මම හැමතිස්සෙම මගේ හොඳම යාළුවා."
තනිවෙන්න බයහිතෙන්න පුළුවන්. පිරිසක් එක්ක ඉන්න එක ඉන්න එක ආරක්ශාකාරී හැඟීමක් ඇති කරන්න පුළුවන්. ඒත් ඊට වඩා නරක දේවල් තියෙනවා. තනිකම ගැන හිතමින් ඉන්නවට වඩා වෙලාව වෙන වදගත් සුන්දර දෙයක් වෙනුවෙන් යොදවන්න පුළුවන්. පිට අය නැතුව ඔබවම අගය කරගන්න ඉගෙන ගන්න. ඔබට තනියම ඉන්න තියෙන වෙලාවෙ වටිනාකම තේරුම් ගන්න.

10. ජීවිතය ගලනවා ඒක ගැන ගොඩක් කරදර වෙන්න එපා.

"සමහර වෙලාවට සින්ක් එකට චූ කරන්න වෙනවා"
නොහිතන වෙලාවලදි පිස්සු හැදෙන දේවල් වෙන්න පුළුවන්. ඒක ජීවිතේ හැටි. සුදුසුම දේ ගැන හිතමින් ඉන්න එපා. සමහරවෙලාවට ඒකෙන් එළියට ඇවිත් බලන්න වෙනවා. හැමදෙයක් ගැනම ඔනෙවට වඩා හිතන්න යන්න එපා. සමහරවෙලාවල් වල්දි ඔබට කරන්න තියෙන එකම දේ ඔහේ සතුටින් ඉන්න එක.

(Charles Bukowski’s Top 10 Tips for Living a Kick-Ass life by Mind openerz.)
 සුමුදු අතුකෝරල